නවතම පුවත්

වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තෝරන ජාත්‍යන්තර තරගයේදී ලාංකිකයන් දෙදෙනකු ඇගයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මේ වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා තේරීමේ ජාත්‍යන්තර තරඟයේ මෙවර ජූරියේ විශේෂ පැසසුමට ලක්වීමට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන බුද්ධිලිනී ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ සිසුවා සමත් විය. ලන්ඩන්හි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය විසින් සංවිධාන කර නිෂ්පාදනය කරන ලද මෙම තරගයට රටවල් 95 ක ඡායාරූප ශිල්පීන්ගෙන් ඡායාරූප 50,000ක් පමණ සහභාගි වී ඇත.

බුද්ධිලිනී ඩී සොයිසා මහත්මියගේ ‘A Great Swim’ නමින් පළ කරන ලද ඡායාරූපය “Mammals” අංශයෙන් හා ගඟන වික්‍රමසිංහගේ ‘Lock down chicks’ නමින් පළ කරන ලද ඡායාරූපය වයස අවුරුදු 10ට අඩු ඛාණ්ඩයෙන් ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.

සම්මානලාභීන් ඇතුළු ජයග්‍රාහී ඡායාරූප පිළිබඳ ඔක්තෝම්බර් 12 වන දින ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයෙන් සජීවීව විකාශය වන මාර්ගගත සම්මාන ප්‍රදානෝත්සවයේදී ප්‍රකාශයට පත් කෙරේ. පසුගිය වසරේ එය පිරිනමන ලද්දේ කේම්බ්‍රිජ් ආදිපාදවරිය විසිනි.

Wildlife photographer of the year 2021 තරගයේ මීට පෙර එම ඇගයුමට ලක්වූ එකම ශ්‍රී ලාංකිකයා වන්නේ රොෂාන් ජයවර්ධන මහතාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්