නවතම පුවත්

වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස DHS Gem & Jewellery සම්මාන දිනයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න


ශ්‍රී ලංකාවේ මැණික් හා ආභරණ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන DHS Gem & Jewellery පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා Lanka Business Awards (LBA) සම්මාන උළෙලේදී මැණික් හා ආභරණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. Business Word International Organization (BWIO) සංවිධානය කළ LBA සම්මාන උළෙල කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී DHS Gem & Jewellery පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා වෙත සම්මාන, කුසලාන සහ පදක්කම් පිරිනමන ලදී.
—සමාගමක් හැටියට අපි සෑම විටම පාරිභෝගික විශ්වාසය දිනාගැනීම කෙරෙහි විශාල අවධානයක් යොමු කරනවා. එය අප සිදු කරන්නේ අපගේ වෘත්තීයභාවය සහ පාරිභෝගික අවශ්‍යතාවලට අවධානය යොමු කිරීමෙන්. අපගේ පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් අප සමඟ දිගින් දිගටම ගනුදෙනු කිරීම ඉතා කෙටි කාලයක් තුළ අප දිගු ගමනක් පැමිණීමට ප්‍රධාන හේතුවයි. කොවිඩ් වසංගතය දැඩිව පැවති කාලයේත් අපි අඛණ්ඩව මැණික් අපනයනය කරමින් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය රැගෙන ආවා.” හිටපු ශ්‍රී ලංකා දුර පැනීමේ ශූරයෙකු සහ ජාත්‍යන්තර පදක්කම් ලාභියෙකු වන දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා පැවසීය. 2006 වසරේදී ඇරඹූ DHS Gem & Jewellery පෞද්ගලික සමාගම වර්තමානයේදී රටවල් 12කට වඩා වැඩි ගණනකට මැණික් අපනයනය කරයි. සමාගමේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකාවේ මැණික් මෙන්ම සමස්ත රටම ජාත්‍යන්තර තලයේ ප්‍රවර්ධනය කිරීම සහ රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමයි. සමාගමේ ශාඛා දෙකක් දඹුල්ලේ සහ කොළඹ ස්ථාපිත කර ඇති අතර DHS Gem & Jewellery පෞද්ගලික සාමාගම ශ්‍රී ලංකාවේ මැණික් ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව පුරා මැණික් ප්‍රදර්ශන සඳහා නිරන්තරයෙන් සහභාගී වේ. DHS Gem & Jewellery පෞද්ගලික සමාගම ලබන වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්