වසර මිලියන 3කට පසු මිහිතලයේ කාබන්ඩයොක්සයිඩ් ඉහළටම

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම අවුරුදු මිලියන 3කට පසු දරුණුතම තත්වය දක්වා වැඩි වෙමින් ඇති බව වාර්තාවේ.

මෙයට පෙර, එනම් වසර මිලියන 3කට පෙර එය මෙවැනි කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයකට ළඟා වූ අවස්ථාවේදී මිහිතලයේ සමස්ත රත්වීම සෙල්සියස් අංශක 2-3 අගයක් වූ බවද යුරෝපීය පරිසර විද්‍යාඥයින් පිරිසක් පෙනවදේ
එහි ප්‍රතිඵලයක් ලෙසට සාගර ජල මට්ටම මීටර 10-20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවද ඔවුන් පවසති.

මෙවරත් එය එසේ සිදුවුවහොත් මාලදිවයින , ශ්‍රී ලංකාව ඇතුළු දූපත් රාජ්‍ය රැසකට බලපෑම් එල්ලවිය හැකි බවද ඔවුන් පෙන්වාදෙ .