නවතම පුවත්

පැහැරගත්තා යැයි කියන නිළධාරිනියගේ තොරතුරු පරස්පරයි – ස්විස් තානාපතිට රජය සාක්ෂි සහිතව දක්වයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගෙන ගිය බවට වන සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් දත්ත හා සිදුවිමට මුහුණදුන් අදාල නිලධාරිනියගේ එදින ක්‍රියා කලාපය පරස්පර තාවයෙන් යුක්ත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදි හෙළිවු කරුණු සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙලේ නිලධාරින් පිරිසක් ස්විට්සර්ලන්ත තානාපතිවරයාව දැනුවත් කිරිමට පියවර ගත් බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරන ලද සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ,

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල නිලධාරිනියක් ඉකුත් නොවැම්බර් 25 වෙනිදා මුහුණදුන් බව කියන සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශණයක් කිරීමට වහාම නියෝග කරනු ලැබුවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු නිලධාරින් පිරිසක් ඊයේ (01) ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහතා හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමුවි තිබෙනවා. එහිදි ශ්‍රි ලංකා බලධාරින් විසින් මෙම සිදුවිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයාව දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබුවා.

ස්විස් තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 වනදා ලබා දුන් තොරතුරු මත මෙම සිදුවිම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරනු ලැබු බවත් සිද්ධියට මුහුණපෑ නිලධාරිනිය ගෙන් ප්‍රශ්න කිරිමට තමන්ට අවස්ථාව ඉල්ලා සිටියත් තානාපති කාර්යාලය එම ඉල්ලීම ඉටු නොකළ බව මෙහිදි ශ්‍රි ලංකා නිලධාරින් කරුණු දක්වා තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් ස්විස් තානාපති කාර්යාලය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද තොරතුරු වලට අනුව එම සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාල වකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරි අදාළ දින කළ ගමන්බිමන් සමඟ නොගැලපෙන බවත් ඊට අදාලව එම නිලධාරිනියගේ උබර් (Uber) වාර්තා, සී.සී.ටී.වී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජී පී එස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වන බවට සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දිමට ශ්‍රි ලංකා බලධාරින් කටයුතු 
කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ස්විස් තානාපති කාර්යාලයට හෙළි කළ කරුණු අනුව මෙම සිදුවිම සම්බන්ධ සත්‍ය කරුණු සොයා බැලිම අත්‍යාවශ්‍ය බැවින් වැඩිදුරටත් විමර්ශන සිදුකළ යුතු බවට සදහන් කර තිබෙනවා.

එමෙන්ම මෙම සිදුවිමේදී තමන්ට සුළු තුවාල සිදුවු බවට එම නිලධාරිනිය ප්‍රකාශ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කළ යුතු නිසා ඇයව මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වෙත යොමු කළ යුතු බවට ශ්‍රි ලංකා බලධාරින් විසින් ස්විට්සර්ලන්ත තානාපතිවරයා හමුවේ කරුණු පැහැදිලි කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

එම අදාල නිවේදනය පහතින් දැක්වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්