පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් මීට වසර දෙකකට පෙර පැනගිය සිරකරුවකු ඊයේ මාතලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ හා බකමූණ මහේස්ත්රාත් අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර ඇති මොහු ලියාපදිංචි අපරාධකරුවෙකි.
35 හැවිරිදි අලුවිහරය, මාතලේ පදිංචිකරුවෙකු වන මොහු අද දින මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.