වසර 20කට පසුව පායන විශාලතම සුපිරි සඳ ලබන බදාදා

Picture of අසංක

අසංක

සීත ඍතුව අවසන් කරමින් පායා එන මේ වසරේ අවසන් සුපිරි සඳ ලබන බදාදා (20) පෘථිවියට ආසන්නයෙන් දිස්වන බව තාරකා විද්‍යාඥයෝ පවසති.

Super Worm Moon ලෙසින් නම් කෙරෙන මෙම සුපිරි සඳ මේ වසරේ දිස්වන තුන්වැනි සුපිරි සඳයි.

වසන්ත කාලය එන බවට පණිවුඩය ගෙනඑන සුපිරි සඳ මෙය බවට මතයක් පවතී.

සාමාන්‍ය සම්පූර්ණ සඳකට වඩා 90%ක් පමණ මෙම සුපිරි සඳ විශාලත්වයෙන් වැඩිය.

මෙම සුපිරි සඳ එතරම් විශාලත්වයකින් පෙනෙන්නේ පොළවට සමීපයෙන්ම පායන සඳ වීම නිසා බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ වසරේ ජනවාරි මාසයේදී පෘථිවි වාසීන්ට Super Blood Wolf Moon ද පෙබරවාරි මාසයේදී Super Snow Moon ද දැකබලාගත හැකිවිය.

මෙය 2000 වසරේ මාර්තු 20 වැනිදායින් පසු මිහිතලයට සමීපයෙන්ම පායන සුපිරි සඳයි.