නවතම පුවත්

වසර 27කට පසුව මෙරටින් පොලිස් ස්ථානාධිපතිනියක බිහිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ) 

වසර 27කට පසු මෙරට පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධූරයක් හෙට (11)  සිට කාන්තා නිලධාරිනියක් විසින් දරනු ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය එලෙස ගම්පහ නාල්ල පොලිස් ස්ථානයේ දී වැඩ බාරගැනීමට නියමිත බවය.

හෙම්මාතගම ප්‍රදේශයේ උපත ලද කාංචනා සමරකෝන් කෑගලු බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.

1997 වසරේදී කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඇය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර තිබේ.

දරුවන් දෙදෙනෙකුගේ මවක් වන කාංචනා සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරයි.

මෙරට පොලිස් ස්ථානයක් සඳහා කාන්තා නිලධාරිනියක් ස්ථානාධිපති ධූරයේ කටයුතු කරන දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා පොලිස් ස්ථානාධිපතිනිය ලෙස සැලකෙන්නේ පොලිස් පරීක්ෂිකාවක් වන පද්මිණි මහත්මියයි. ඇය යක්කලමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිධූරය දරා තිබුණාය. ඇය දක්ෂ ලෙස ජනතාවගේ ගෞරවයට පොලීසිය ලක්වන ලෙස කටයුතු කල තැනැත්තියක් බව සඳහන්ය. නීතිය නිසිලෙස අකුරට ඉටුකිරීම නිස⁣ා 1997 වසරේදී ඇය සාමාන්‍ය රාජකාරි සදහා වව්නියාවට මාරුකිරීමත් සමග මෙතෙක් කාලයකට කාන්තා නිලධාරිනියනට පොලිස් ස්ථානාධිපතිධුරයක් ලැබුනේ නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්