නවතම පුවත්

වසර 30 කට පසු ඕස්ට්‍රේලියාව දරුණුතම ආර්ථික අවපාතයට

අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය වසර තිහකට පසු සිදුවූ දරුණුතම ආර්ථික අවපාතයට මුහුණ දෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා අනාවරණය කර සිටී.

ගතවූ මාස තුනට සාපේක්ෂව අපේ‍්‍රල් සිට ජුනි දක්වා කාර්තුවේදී ඕස්ටෙ‍්‍රලියාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 7 කින් පහල ගොස් ඇති බවද එම වාර්තා පෙන්වාද.

එය සැලකෙන්නේ 1959 න් පසු එරට සිදු වූ විශාලතම ආර්ථික පහත වැටීම ලෙසය. අඛණ්ඩව කාර්තු දෙකක ඝෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කලහොත් එය රටක ආර්ථික අවපාතයක් ලෙස සැලකේ.

කෙසේ වෙතත් ආර්ථික ක‍්‍රියාකාරකම්වල දැඩි පහත වැටීමක් තිබියදීත්, විශාල පසුබෑමකට ලක්ව ඇති අනෙකුත් බොහෝ දියුණු ආර්ථිකයන්ට වඩා ඕස්ටේ‍්‍රලියාවේ තත්වය තවමත් යහපත් බවද එම වාර්තා සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්