වසර 4කට පසු ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය ඉහළ යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය වසර කීපය පුරාම දැඩි දෝෂ දර්ශනයට ලක්වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය සීගයෙන් ඉහළ යන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. පසුගියදා කල සමීක්ෂණයකදී මේ බව හෙළිව තිබේ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය මර්දන කටයුතු හා බෞද්ධ දර්ශනය වෙනුවෙන් මෑත කාලයේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා කල කටයුතු ජනතාවගේ පැසසුමට ලක්ව තිබේ.

පසුගියට වසර තුනහමාර දක්වාම ජනතාවගේ දැඩි ලෙස දෝෂාරෝපණය කරේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොව ජනාධිපතිවරයාට වීම විශේෂත්වයක් විය.

පසුගිය ඔක්තොම්බර් 26 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරමින් මෛත්‍රිපාල ජනාධිපතිවරයා ගත් තීන්දුව අනුව එතුමාට එල්ලවූ බොහොමයක් චෝදනා වියැකී ගිය අතරම විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයාව සමාජ ජාල ඔස්සේ දැඩි ලෙස විචේනය කල කණ්ඩායම් බොහොමයක් නිහඩ විය.

මෙසේ ආරම්භ වූ මෛත්‍රිපාල ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේ එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විවේචනය කිරිමද ජනතාව අතර මෛත්‍රිපාල ජනාධිපතිවරයා ජනප්‍රිය වීමට ප්‍රභල හේතුවක් වූ බව එකි වාර්තාවෙන් පෙන්වා දී ඇත.

මේ අනුව 2015 ජනවාරි 08 සිට 2018 ඔක්තොම්බර් 26 දක්වාම ජනාධිපතිවරයා විවේනය කල පුද්ගයලයන් මේ වන විට කිසිදු විචේනයක් නොකරයි එලෙසම මහින්දවාදින් සැලකියුතු පිරිසක් මේ වන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අගය කරයි.

මේ අතරම මෛත්‍රිපාල ජනාධිපතිවරයාට සමස්ත ජනාතාවම ආමන්ත්‍රණය කිරිමට නම් කල යුතු කරුණු කීපයක් ඇත සිරගතව සිටින බුද්ධි අංශ රණවිරුන් නිදහස් කිරිම මෙන්ම ගලගොඩඅත්තේ හිමි නිදහස් කිරිම ආදි කරුණු රැසක් සම්පුර්ණ කල යුතුව ඇත.

කෙසේ වුවත් මේ සියල්ල අනුව බොහෝමයක් දුරට මෛත්‍රිපාල සිරිසේන මහතා  2020 ජනාධිපතිවරණට ඉදිරිපත්වීමට ඉඩ ඇත. එලෙසම ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට තමන්ගේ ජනාධිපතිවරණ සටන පුළුල් ලෙස ගොඩනගමින් සිටි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගනීද නැතිනම් දෙවැනිවරත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වේද යන්න නියත වශයෙන්ම ඉදිරි මාස කීපයේදි අපට දැකබලා ගතහැවනු ඇත.