නවතම පුවත්

වසර 9කට පසු මැකො සභාපති අද ඡන්දෙ දැම්මේ ඇයි?

අසංක

අසංක

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද උදෑසන බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේ වසර 9කට පසුවයි.

එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ඡන්ද මධ්‍යස්ථාන ආරක්ෂිත බවත් කිසිදු ගැටළුවක් නොමැති බවත් ය. රටේ තරුණ තරුණියන්ට තම ඡන්දය පාවිච්චි කරන ලෙස ඔහු විශේෂ ආයාචනයක් කළ අතර සියලුම ඡන්ද දායකයින්ට පැමිණ කිසිදු බියකින් තොරව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය.

තමා ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරි සඳහා ගිය ද ඡන්ද දායකයකු ලෙස 2011 න් පසු තමා පැමිණියේ අද බව කී සභාපතිවරයා පැවැසුවේ වයස 65 දී වුවත් කිසිදු ගැටලුවකින් බියකින් තොරව ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි.

“අපගේ ඉල්ලීම තරුණයින්ට පැමිණ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි. ඡන්දය යනු ඔබේ හඩයි. ඡන්දය ඔබේ අයිතියයි. ඡන්දය ඔබේ අනාගතයයි. ඔබේ ඡන්දය ඔබේ බලයයි.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්