නවතම පුවත්

ව්‍යාපාරිකයන් ඇන්ඳූ පොලිස් සැරයන්ගේ බිත්තර වංචාව

අසංක

අසංක

රුපියල් 35 බැගින් බිත්තර ලබාදිය හැකි බව සඳහන් කරමින් ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කරමින් සිටි මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයේ පොලිස් සැරයන්වරයෙකුව නාරාහේන්පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රියන්ත ද සිල්වා නැමැති මෙම සැරයන්වරයා මෙම වංචාවේ නිරතව සිට ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලීසියේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂක අජිත් ලෙස පෙනී සිටිමින් බව නාරාහේන්පිට පොලීසිය කියයි.

මුල්ලේරියාව රණබිම මාවතේ පදිංචි කොම්පඤ්ඤවීදියේ සිල්ලර වෙළද ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුව ඔහු මුල්ම රැවටීමට කරකර ඇති බව පොලීසිය කියයි.

කොම්පඤ්ඤවීදිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක අජිත් ලෙස පෙනී සිටිමින් මෙම සැරයන්වරයා ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් දෙමින් රුපියල් 35 බැගින් බිත්තර පෙට්ටි 10ක් විකිණිමට ඇති බව පවසා ඇති බවත් ව්‍යාපාරිකයා එම බිත්තර පෙට්ටි 10 මිලදී ගැනීමට සිය කැමැත්ත ප්‍රකාශකර ඇති බවත් සඳහන්ය.

ඒ අනුව ඉකුත් මාර්තු 06 වෙනිදා බිත්තර මිලදී ගැනීමට ව්‍යාපාරිකයා වාහනයක්ද රැගෙන සිය ගෝලියින් දෙදෙනෙකුද කැටුව නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරිවුම්හල අසලට ගොස් ඇත.

එහිදී මෙම නිලධාරියා ව්‍යාපාරිකයාව මුණ ගැසී බිත්තර ටික ලබාදීමට රුපියල් 50ක මුදලක් ලබාගෙන එතැනින් මාරුවී ඇති බව පොලීසිය කියයි.

මෙම සිදුවීමෙන් අනතුරුව ඊයේ මෙම ව්‍යාපාරිකයාගේ මිතුරෙක් වන ව්‍යාපාරිකයෙකුටද බිත්තර ඇමතුම ලැබී ඇත.

පෙර ව්‍යාපාරිකයාට කථාකල ආකාරයටම දුරකථනයෙන් කථා කල මෙම නිලධාරියා පවසා ඇත්තේ බිත්තර මිලදී ගැනීමට නාරාහේන්පිට පිහිටි සුපිරි වෙළද සැලක් අසලට පැමිණෙන ලෙසය.

ඒ අනුව ව්‍යාපාරිකයා එහි ගොස් ඇත්තේ පෙර වංචාවට හසුවූ ව්‍යාපාරිකයා සමඟනි. එහිදීද රුපියල් 50,000ක් රැගෙන ඔහු පැන ගැනීමට උත්සහ කලත් පෙර ව්‍යාපාරිකයා ඔහුව හදුනා ගැනීම හේතුවෙන් එවර ඔහුට ගැලවිල්ලක් ලැබී නැත.

ව්‍යාපාරිකයන් දෙදෙනා එක්ව මෙම නිලධාරියාව දැඩි පරීශ්‍රමයකින් අනතුරුව අල්ලාගෙන නාරාහේන්පිට පොලිස් ස්ථානයට රැගෙන ගොස් භාරදී ඇත.

මෙම නිලධාරියා උප පොලිස් පරීක්ෂකවරයෙක් නොව, බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි කැරලි මර්දන බලකායේ සේවයේ නිරත සැරයන්වරයෙක් බව අනාවරණය වී ඇත්තේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්