ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මෙම ආයතන තුනම මූලික සේවා සහ ජීවනෝපාය පවත්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීමට සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනුගමනය කරයි.
ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරයට සහය දැක්වීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් යටතේ ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ලෝක බැංකුව සමඟ පළමු ඒකාබද්ධ සම්බන්ධීකරණ රැස්වීම මැයි 19 දින භාණ්ඩාගාර ලේකම් විසින් කැඳවන ලදී.
දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති සම්පත් නැවත ඖෂධ, මුදල් ආධාර, ගෑස් සහ පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා හැකි වන පරිදි වෙන් කිරීම හරහා ඊට ඇතුළත් වේ.