ආර්ථිකයට මුදල් ගලා යෑම පහසු කිරීම සඳහා , දේශීය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රුපියල් බිලියන 115 කින් නංවමින් , ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීමට මහා බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒ අනුව බලපත්‍රලාභී වානිජ බැංකුවල රුපියල් තැන්පතු සඳහා ව්‍යාවස්ථාපිත සංචිත අනුපාතය ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2 % කින් පහළ දමා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණයත් සමග ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 වසරේ මේ දක්වා කාලය තුළ 3% කින් පහළ දමා ඇත.
මෙය අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාරවලට ණය ගලා යාම ඉහළ නංවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී .