නවතම පුවත්

මහබැංකුවෙන් අලුත් ණය වැඩසටහනක්

අසංක

අසංක

 

කෝවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය නගා සිටුවීමේ රජයේ ප්‍රයත්නයට සහය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත‍්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1 ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දීමටද තීරණය කර ඇත.

එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා බෙදී යෑම සහතික කරමින් බලපත‍්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් සියයට 4 ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇති බව මහ බැංකුව සඳහන් කර ඇත..

මෙම යෝජනා ක‍්‍රමය සහ දැනට පවතින ප‍්‍රතිමූල්‍ය යෝජනා ක‍්‍රමය මගින් කෝවිඞ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150 ක් සැපයෙනු ඇත.

මීට අමතරව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත‍්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය විසින් නිකුත් කෙරෙන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීම සඳහා අරමුදල් සම්පාදනය කෙරෙමින් එම ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක‍්‍රමයක් ද හඳුන්වා දීමට තීරණය වී තිබෙ.

මෙම නව ණය යෝජනා ක‍්‍රම පිළිබඳ මෙහෙයුම් උපදෙස් හැකි ඉක්මනින් ඉදිරි කාලයේ දී නිකුත් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්