ව්‍යවස්ථා විප්ලවයකට සූදානම් වෙන්න – නාගහනන්ද කොඩිතුවක්කු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2020 ජනාධිපති අපේක්ෂ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සහ වැඩ පිළිවෙල මාධ්‍යවේදීන් වෙත හදුන්වාදීම සහ දැනුවත්ව කිරිමේ වැඩසටහනක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුනා එහිදී පැමිණි සිටි මාධ්‍යවේදීන් හමුවේ නාගහනන්ද මහතා කරුණු ඉදිරිපත් කලා. මෙහිදී අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කලේ නව ව්‍යවස්ථාවක් හරහා 225 ම වෙනස් කරන දේශපාලන ව්‍යාපාරයක් තමන් ක්‍රියාත්මක කරන බවයි.

ඉදිරියේදී ජනාධිපතිවරණයෙන් තේරී පත්වන අපේක්ෂකයා කිසිදු බලතල රහිත නාමික පුදුගලයෙකු බවට පමණක් පත්වන බව ඔහු ප්‍රකාශ කලා මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ 2019
ජනාධිපතිවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකිරීම වෙනුවෙන් මහජන මතය විමසීමක් බවට පරිවර්තනය කළ යුතු බවයි.

පාලකයින් විසින් සාදන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ ආරක්ෂාවට නොව එය සාදා ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවද පැවසීය.

අපිට ප්‍රඥාවෙන් යුතුව මේ ගැටේ ලිහන ආකාරය සිතිය යුතුව ඇති බවත් පැවසු ඒ
මහතා, දැන් සිටින ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමත් සමඟ ඊළඟට එන
ජනාධිපතිවරයාට අද තිබෙන අමාත්‍යධූර ටික හෝ නොලැබෙන බවද කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් ඡේදයේ ජනාධිපතිවරයාට දැන් ඇති බලය පවා මෙම ව්‍යවස්ථාවෙන් අහිමි කරන බවත්, එනිසා මහජනතාව ඉදිරියට ගොස් 225 දෙනාමප්‍රතික්ෂේප කරන කැනකට පත්විය යුතු බවත්, දැන් තිබෙන්නේ ව්‍යවස්ථාමය විප්ලවයක් බවත් පැවසීය.

තමා ඉදිරියේ දී, ජනමතය ඉල්ලන්නේ හුදෙක් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට නොවන බවද මෙහිදී නාගනන්ද කොඩිතුවක්කු මහතා අවධානය කරා