වාතයේ තිබෙන කුඩා අංශුවල නව කොරෝනා වයිරසය ඇති බවට සාක්ෂි ඇතැයි ඇමෙරිකානු විශේෂඥයින් පිරිසක් ප්‍රකාශ කර සිටී.
ඒ අනුව එම වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා දැනට දී ඇති නිර්දේශ අලුත් කල යුතු යයිද එම විද්‍යාඥයන් පිරිස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා ඇත.
රටවල් 32 ක විද්‍යාඥයන් 239 දෙනෙකු මෙම ඇමෙරිකානු විශේෂඥයින් පිරිස සමග එක්ව මෙම අධ්‍යයනය කර තිබෙන අතර ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට විවෘත ලිපියක් ද යවා ඇත. ඔවුන්ගේ මෙම නව සොයාගැනීම ලබන සතියේදී විද්‍යා ජර්නලයක පළ කිරීමටද නියමිතය.