නවතම පුවත්

වාර්ෂික පද්ම සම්මාන උළෙල නවදිල්ලියේදී

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පද්ම සම්මාන ප්‍රදානෝත්සවය 2021 නොවැම්බර් 08 වන දින නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන්හි දී පවත්වන ලද අතර එහි දී ඉන්දීය ජනාධිපතිතුමන් විසින් 2020 වසර සඳහා සම්මානලාභීන් වෙත පද්ම සම්මාන ප්‍රදානය කරන ලදී. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම උත්සවය මින් ඉහත දී පැවැත්විය නොහැකි විය. 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබූ බව සිහිපත් කළ හැකි අතර ඒ කලා ක්ෂේත්‍රයේ සිය ජයග්‍රහණ වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය සහ සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය වෙනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය (මරණින් පසු) ය.

පද්ම සම්මාන, ජනවාරි 26 වැනි දින ඉන්දියානු ජනරජ දිනයේ දී වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ඉන්දියාවේ ඉහළම සිවිල් උපහාරයන්ගෙන් එකකි. මෙම සම්මානය විවිධ ක්ෂේත්‍රවල සහ විෂය ක්ෂේත්‍රවල විශිෂ්ට සේවාවක් හෝ ජයග්‍රහණයක් ඇගයීමට අපේක්ෂා කරයි. අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මියගේ දියණිය වන වත්සලා දසනායක ඉෂ්ටවීර මෙනෙවිය ඉන්දීය උප ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමන් ඉදිරියේ, ඉන්දීය ජනාධිපතිවරයා අතින් සම්මානය ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ඉන්දියාවට සංචාරය කළ අතර, ඉදිරි දිනක දී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට මෙම සම්මානය කොළඹ දී ප්‍රදානය කිරීමට නියමිතය.

. විවිධ පසුබිම්වලින් පැමිණෙන, තම දක්ෂතා සහ ජයග්‍රහණ තුළින් සමාජයට ‘විශිෂ්ඨ සේවයක්’ කළ පුද්ගලයන් ඇගයීමට ඉන්දීය රජය කැපවී සිටී. මේ සම්බන්ධයෙන්, ප්‍රවීණ උඩරට නැටුම් විශාරදවරියක සහ ගුරුවරියක වන වජිරා චිත්‍රසේන සහ කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි පිළිබඳ ප්‍රසිද්ධ මහාචාර්යවරියක වන වාග් විද්‍යාඥ මහාචාර්ය ඉන්ද්‍රා දසනායක යන මහත්මීන් තම ක්ෂේත්‍රයන් සඳහා කළ දායකත්වය කැපී පෙනේ. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සංස්කෘතික සබඳතා සහ මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමෙහිලා ඔවුන් දෙදෙනාම වැදගත් කාර්යභාරයන් ඉටු කර ඇත.

2020 ට පෙර ඉන්දියානු රජය, සංගීතඥයෙකු සහ මැග්සේසේ සම්මානලාභියකු වන ඩබ්ලිව්.ඩී. අමරදේව මහතාට උපහාර දක්වමින් 2002 වසරේ දී ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් එතුමන් පුදන ලද බව සිහිපත් කළ හැකිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්