වාහන අංක තහඩුවලින් පළාත් අකුරු ඉවතට

Picture of අසංක

අසංක

වාහන අංක තහඩුවලින් පළාත හඳුන්වන අකුරු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා මෙය ක්‍රියාත්මක බවව්‍රජය පවසයි.

වාහනවල විමෝචන පරීක්ෂණ සහ වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී, වාහන ලියාපදිංචි කිරීමේදී පළාත් හඳුනා ගැනීම සඳහා අකුරු අංක තහඩුවට එක් කරන බව කැබිනට් මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත්, සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කළ යුතු බැවින් පාරිභෝගිකයින්ට මෙන්ම මෝටර් රථ ගමනාගමන දෙපාර්තමේන්තුවටද බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ.