රථවාහන ආනයනයට අදාලව ස්ථාවර බදු ප්‍රතිපත්තියක් සකසන ලෙස ශ්‍රී ලංකා රථවාහන අලෙවිකරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
රථ වාහන ආනයනට අදාළ බදු හා අනපනත් වරින් වර වෙනස් වීම හේතුවෙන් මෙරට වාහන අපනයනකරුවන් මෙන්ම රථවාහන අලෙවිකරුවන්ද දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවත් තම සංගමය පසුගියදා රජය වෙත ලිඛිතවම දැනුම් දුන්නේයැයි ශ්‍රී ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමයේ උප සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා thecolomboexpress.com වෙබ් අඩවියට පැවසුවේය.
රටේ මේ වනවිට පවතින අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගෙන , රථවාහන ආනයන බදු අඩුකිරීමක් පිළිබඳව ඉල්ලීමක් තම සංගමය විසින් රජය වෙත ඉදිරිපත් නොකළ බවත් යසේන්ද්‍ර අමරසිංහ මහතා මෙහිදී පැවසීය .
නමුත් එම බදු ප්‍රමාණයන් වරින් වර ඉහල , පහල යාම හේතුවෙන් වාහන අලෙවිකරුවන් පමණක් නොව වාහන ගැනුම් කරුවන්ද අපහසුතාවයට ලක්වන බවත් අමරසිංහ මහතා පැවසීය.
පැතුම් වික්‍රමරත්න