වාහන ආනයනකරුවෝ 40%ක් බංකොලොත්

Picture of අසංක

අසංක

මෙරට රථවාහන ආනයනකරුවගෙන් සියයට 40 කට වැඩි පිරිසක් මේ වනවිට බංකොලොත් තත්වයට පත්ව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා අවධාරණය කර සිටී.

වාහන ආනයනය සීමා තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් එම ප්‍රතිශතය තවදුරටත් ඉහළ යනු ඇති බවත් ඒ බොහෝදෙනා ණයට වාහන ලබාගෙන මෙම ව්‍යාපාරයේ නිරත වූවන් බවත් මෙරින්චිගේ මහතා අප වෙබ් අඩවියට පැවසීය.

වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙන් කලින් ආනයන කර තිබූ වාහනවල මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.

රජයේ මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ආනයන සීමාව ]ඉක්මනින් ඉවත්කිරීමට රජය පියවර ගනු ඇති බලාපොරොත්තුවන බවද ඒ මහතා මෙහිදී පැවසීය