පැතුම් වික්‍රමරත්න
වාහන ආනයන තහනම තවදුරටත් පැවතියහොත් සේවකයින්ද රැකියාවලින් ඉවත්කර සිය ව්‍යාපාර වසාදැමීමට සිදුවන බව ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය අවධාරණය කර සිටී .
දැනටමත් තම සංගමයට අයත් ආනයනකරුවන්ගේ ව්‍යාපාරික ආයතනවල සේවය කරන සේවකයින් රැසකගේ රැකියා දැඩි අවදානමක පවතින බවත් , රජය වහා මැදිහත්ව මීට විසදුමක් ලබාදිය යුතු බවත් ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු මහතා අප වෙබ් අඩවියට පැවසීය.
ආනයන වියදම අඩුකරගැනීමේ අරමුණින් රජය මෙම තැනම ක්‍රියාත්මක කලද ඒ හරහා මේ වනවිට රටේ ආර්ථිකයට විශාල පහරක් වැදී ඇති බවද රොද්‍රිගු මහතා පැවසීය.
මෙම තහනම ඉවත්කිරීම හරහා රජයට විශාල ආනයන බදු ආදායමක් හිමිවන බවද ඔහු පැවසීය.