නවතම පුවත්

ඡන්ද අපේක්ෂකයන් ගැන හෙලිදරව්වකට දුම්කොළ අධ්‍යයන කේන්ද්‍රය සැරසෙයි

අසංක

අසංක

මෙවර මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් අතර දුම්කොළ, මධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රවය සමාගම් සමග සබඳතා පවත්වන පුද්ගලයින් ඇතිද යන්න සොයා බලා, රටට හෙළිදරව් කිරීමට දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය සූදානම් වේ.

ඒ අනුව දැනටමත් මෙවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු සොයා බැලීමට දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

ඒ යටතේ මෙවර මැතිවරණයේ අපේක්ෂකයින් දුම්කොළ, මධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍ය සමාගම් සමග පවත්වන සබඳතා පිළිබඳව තොරතුරු තම කේන්ද්‍රය වෙත දැනුම් දීමට ජනතාවටද අවස්තාවක් ඇති බව දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා අප වෙබ් අඩවියට පැවසීය.

මෙලෙස තොරතුරු ලබාදෙන සියලු දෙනාගේ අනන්‍යතාවය සුරකින බවත් නිර්නාමිකව වුවද මෙම තොරතුරු ලබාදීමට හැකි බවත් රාජසූරිය මහතා පැවසීය.

0769233435, යන දුරකථන අංකයට හෝ 0112581572 යන ෆැක්ස් අංකයට මෙසේ තොරතුරු ලබාදිය හැක.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්