නවතම පුවත්

වැග්නර් පසුබසී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ ගේ මැදිහත්වීමෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ වැග්නර් හමුදා ප්‍රධානියා අතර ඇතිකරගත් එකඟතාවකට අනුව මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අනුව මේ වන විට වැග්නර් කණ්ඩායම්, රුසියාවෙන් ඉවත්ව බෙලරුස් වෙත යාම ආරම්භ කර තිබේ.

වැග්නර් කුලී සේනාංක යනු යුක්රේනය තුළ රුසියානු හමුදා වෙනුවෙන් මෙහෙයුම්වල නිරත වන සෙබළුන් 25,000කින් පමණ සමන්විත කුලී සේනාංකයකි.

ඔවුන් ඊයේ යුක්‍රේන මෙහෙයුම් අත්හැර රුසියාවට එරෙහිව කැරැල්ලක් ප්‍රකාශයට පත් කරමින්, රුසියාවට අයත් රොස්තව් – ඔන් – දොන් නගරයට ඇතුළු වී එය අත්පත් කරගෙන තිබුණි.

ඒ යුක්‍රේනයේ බක්මුට් හි යුද වදිමින් සිටි සිය සේනාංක ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියානු රජයේ හමුදාවට චෝදනා කරමිනි.

එහිදී වැග්නර් ප්‍රධානී යෙව්ගිනී ප්‍රිගෝෂන් අවධාරණය කළේ, රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂූලෝව් සහ හමුදා ප්‍රධානී වැලෙරි යෙරාසිමොෆ් තමන් හමුවී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදිය යුතු බවය.

එසේ නොමැති නම් මොස්කව් අගනුවර වෙත පැමිණෙන බවටද වැග්නර් කණ්ඩායම් ඉන් අනතුරුව තර්ජනය කළේය.

ඒ යුක්‍රේන යුද්ධයට එළැඹීමෙන් ගෙවුණු මාස 16 ක කාලය තුළ රුසියාව මුහුණ පෑ ප්‍රබලතම අභියෝගයට වෙමිනි.

කෙසේ නමුත් රුසියානු ආරක්ෂක අංශ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාතිය ඇමතූ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මෙම තත්ත්වය සමාන කළේ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ එය පිටුපසින් පැමිණ තමන්ට එල්ල කළ පිහි පහරක් බවය.

මෙවන් පසුබිමක රුසියානු රජයේ ප්‍රබල අභියෝග නොතකමින් වැග්නර් කණ්ඩායම් මොස්කව් වෙත ගමන් ආරම්භ කර තිබූ අතර, අගනගරයට ඉතාමත් ආසන්න ලිපියෙට්ස්ක් නගරය දක්වාම එය පැමිණ තිබුණි.

එමෙන්ම නගරය තුළ ප්‍රති ත්‍රස්තවාදී සැලසුම් ක්‍රියාවට නැංවූයේ කටයුතු කෙරුණේ මොස්කව් හි ආරක්ෂාව තර කරමිනි.

ඒ අනුව රතු චතුරස්‍රය ඇතුළු ප්‍රධාන මර්මස්ථාන වසා දැමුණු අතර අගනගරය පුරා සන්නද්ධ රථ ගමන් කර තිබේ.

පසුව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ ගේ මැදිහත්වීමෙන් රුසියාව සමඟ ඇතිකර ගත් එකගතාවයකට අනුව මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර තිබුණි.

ලේ වැගිරීම් වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම් ආපසු හැරී යන බව, වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගනී ප්‍රිගොෂින් ප්‍රකාශ කළේය.

වැග්නර් ප්‍රධානී යෙව්ගිනී ප්‍රිගෝෂන් රොස්තොව් රොස්තව් – ඔන් – දොන් නගරය අත්හැර ගිය අයුරු දක්නට ලැබුණි.

දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතාව අනුව වැග්නර් කණ්ඩායම මුළුමනින්ම රුසියාවෙන් ඉවත්ව බෙලරුස් රාජ්‍යය වෙත ගමන් කළ යුතු අතර, ඒ වෙනුවට ඔවුන්ට එරෙහි සියලු අපරාධ චෝදනා අත්හැර දමනු ඇති.

මේ අතර පැවති අර්බුදකාරී තත්ත්වයත් සමඟ වසා දමා තිබූ මොස්කව් ඇතුළ නගර කිහිපයක මාර්ග නැවත විවෘත කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්