වැඩකරන පැය 8ත් 12ක් කිරීමට රජය සැරසෙයි

Picture of අසංක

අසංක


පැතුම් වික්‍රමරත්න

වැඩ කරන පැය ගණන පැය 8 සිට 12 දක්වා දීර්ඝ කිරීම ඇතුළු යෝජනා රැසක් ඇතුළත් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ යනුවෙන් මෙම පනත නම් කර ඇති බවද වාර්තාවේ.

මෙම නව පනත මගින් දැනට බලාත්මක කම්කරු නීති පනත් 53 ක්ම අහෝසි වන අතර, ඒ වෙනුවට හාම්පුතුන්ට වාසිදායක ලෙස අලුත් නීති ඇතුළත් වනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.

පඩි පාලක සමාගම් පනත, සාප්පු හා කාර්යාල පනත මෙම අලුත් පණත් කෙටුම්පත මගින් අහෝසි වන අතර ඒ අනුව සේවක වැටුප් තීරණය කිරීම, මාසික වැටුප් ගණනය කිරීම, මෙන්ම පෞද්ගලික අංශයට හිමි නිවාඩු පාලනය කිරීම ආදිය සම්බන්ධයෙන් බලතල හාම්පුතුන්ට හිමි වනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.