වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ලෙස තුසිත වනිගසිංහ පත්කෙරේ

Picture of අසංක

අසංක

ආරක්ෂක අමාත්‍යංශයේ වැඩබලන ලේකම්වරයා ලෙස තුසිත පී. වනිගසිංහ මහතා පත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ ඒ මහතා 1991 රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ වනිගසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙසත් කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත් ඔහු කටයුතු කර තිබේ.