නවතම පුවත්

වැඩබිමකදී මියයන කම්කරුවකුගේ වන්දිය ලක්ෂ 20ක් කරන්න – නිමල් සිරිපාල

අසංක

අසංක

වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මියයන කම්කරුවෙකු සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඒ අනුව එය රුපියල් ලක්ෂ 20ක් දක්වා වැඩි කළ යුතුව ඇති බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී.

පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා මියගිය විට එම පවුල සම්පූර්ණයෙන්ම අසරණ වන බැවින් වන්දි මුදල මෙසේ රුපියල් ලක්ෂ 20ක් දක්වා වැඩි කළ යුතු බව ද අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ දී පෙන්වා දී තිබේ.

මේ වන විට ගොඩගැසී ඇති කම්කරු වන්දි නඩු කඩිනමින් අවසන් කිරිමට නව ක්‍රියාමාර්ගයක් ද එහිදී යෝජනා කර ඇත.

මේ රටේ වැඩකරන පන්තිය වෙනුවෙන් විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවට ඇමතිවරයා කළ යෝජනාවට පැමිණි සිටි පෞද්ගලික අංශයේ නියෝජිතයින් එකඟ වී ඇත.

ඊට අමතරව පුද්ගලික අංශවලට ද ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට වෘත්තීය සමිති නියෝජිතයින් කළ යෝජනාවට ඇමතිවරයා එකඟ වී ඇත..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්