නවතම පුවත්

වැඩිම පැමිණිලි නාමයෝජනා බාරදුන් දවසේ – කැෆේ

අසංක

අසංක

මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා  පැමිණිලි 103ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය කියයි.

මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 96ක්  නාම යෝජනා භාර දුන් ඊයේ දිනයේ වාර්තා වීම විශේෂත්වයක් බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පවසයි.

පූර්ව නාම යෝජනා සමය තුළ වාර්තා වී ඇති සිදුවීම් ප්‍රමාණය 7ක් වන අතර එවා මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි වන බව ඇය පෙන්වා දෙයි.

මීට අමතරව දිවයිනේ සෑම ප්‍රදේශයකම මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් දක්නට ලැබුණු බව සඳහන් කරන සුරංගි අරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ අපේක්ෂකයින් තිදෙනෙකු ගේ පෝස්ටර් බහුල වශයෙන් දක්නට ලැබුණු බවයි.

මීට අමතරව අපේක්ෂිකයින් ට සුභ පැතුම් එක් කරමින් විශාල ප්‍රමාණයේ කටවුට් ප්‍රදේශ රැසක ඉදිකර තිබූ බවත් ඒවා පිළිබඳව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ එක් අපේක්ෂකයෙකු ගේ  දැන්වීම් වෙත කළුතෙල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමක් වාර්තා වන බව ඇය සදහන් කළාය.

මෙවර මැතිවරණය සඳහා කැෆේ සංවිධානය දීප ව්‍යාප්ත මට්ටමින් නිරීක්ෂකයින් 7500ක් යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර විශේෂයෙන් ඡන්ද දායකයින් වෙත අල්ලස් ලබාදීම් සහ විවිධ වරප්‍රසාද ලබාදීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව අය කියා සිටියාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්