නවතම පුවත්

වැඩිහිටියන් එළියට යන්න එපා – සෞඛ්‍ය බලධාරීන්

අසංක

අසංක

සියලු වැඩිහිටියන් මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානවලට යෑමෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටින්නැයි දැනුවත් කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය ඉල්ලීමක් කරයි.

එම ආයතනය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දක්වා ඇත.

“කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝගී තත්ත්වය වැඩිපුරම හානිදායක ලෙස බලපානු ලබන්නේ අපගේ වැඩිහිටි ජනතාවටයි. වයසින් අඩු පුද්ගලයින් සඳහා සංකූලතා ඇති වීමේ අවදානම අඩු වුවද, වයස ක්‍රමයෙන් වැඩිවත්ම සංකූලතා ඇතිවීමේ අවදානම සහ රෝගය මාරාන්තික වීමේ අවදානම ක්‍රමානුකූලව වැඩි වේ.

මීට අමතරව හෘද රෝග වලින් පෙළෙන පුද්ගලයින්, දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සහ දීර්ඝකාලීන ස්වසන ආබාධ වලින් පෙළෙන පුද්ගලයින් සංකූලතාවලට ලක් වීමේ අවදානම සාපේක්ෂව වැඩි බවක් පෙන්නුම් කරනවා.

ඔබට දන්නා කියන සියලු වැඩිහිටි පුද්ගලයින්ට මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන වලට යෑමෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටින ලෙසට දැනුවත් කරන්න.

ඔබගෙන් රෝගය වැඩිහිටියන්ට බෝවීම වැලක්වීමට, ඔබත් නිරෝගීව සිටිය යුතුය. ඒ සඳහා හැකි සෑම අවස්ථාවකදීම ඔබත් මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටින්න.

මතක තබා ගන්න – ඔබගේ දෑත පිරිසිදුව තබා ගැනීම කොරෝනා වසංගතය වැලක්වීමට ඇති හොදම ක්‍රියාමාර්ගයක්..”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්