වැඩ තහනමට ලක්වූ බන්ධනාගාර නියාමකවරයෙක් රුපියල් ලක්ෂ 10ක පමණ මිලැති මත්කුඩු තොගයක් සමග පුත්තලමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය විසිනි.
නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් කළුතර බන්ධනාගාරයේ සේවය කළ මෙම ජේලර්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ මාස කිහිපයකට පෙරයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මොහු පවසා ඇත්තේ කළුතර බන්ධනාගාරයේ සිටියදී පිටතින් ඒ තුළට විසිකරන ලද පාර්සලයකින් මෙම මත්කුඩු හමුවූ බවයි.
එහෙත් විමර්ශකයන්ට පෙනීගොස් ඇත්තේ එය අසත්‍යක් වන අතර මොහු මත්කුඩු බෙදාහැරීමේ නිරතව ඇති බවය.
මොහුගේ බිරිඳ කටුනායක ගුවන්තොටට අනුයුක්තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂිකාවක ලෙස සේවය කරයි.