ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මතභේදාත්මක සහ විවවේචනයට තුඩුදුන් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම ධූරයෙන් ඊයේ(15) ඉල්ලා අස්විය.
එම ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන තිබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ජනාධිපතිවරයාට යොමුකළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ලොහාන් රත්වත්තේ මහතා පවසා තිබුණේ තම අමාත්‍යාංශය පිළිබඳ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු සම්බන්ධයෙන් රජය අපහසුතාවට ලක්වීම වැළැක්වීම උදෙසා තමා මෙම පියවර ගන්නා බවය.
ලොහාන් රත්වත්තේ මහතා වහාම සියලු ධුරවලින් ඉවත් කර මෙම සිද්ධීන් පිළිබද විමර්ශනයයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස විපක්ෂයේ පක්ෂ දිගින් දිගටම රජයට බල කළ අතර සමාජය තුළ ද එම හැසිරීම දැඩි විවේචනයට ලක්විය.
කෙසේවෙතත් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇත.