නවතම පුවත්

ලංකා රෝහලේ බෝම්බයක් ඇටවූ සැකකරු‍ගේ සොයුරිය හිටපු LTTE සාමාජිකාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක අත්බෝම්බයක් අටවා අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමල උප්පුවේලි හී පදිංචි සැකකරුගේ සහෝදරිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකරුගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ බෝම්බය පුපුරවා හැරීමට තමාගේ අදහසක් නොතිබුණු බවය.

අත්බෝම්බය කාල බෝම්බයක් ලෙස පුපුරවා හැරීමට කල ඇටවුමට මදුරු දඟරයක් සහ එය දැල්වීමට ගිනි පෙට්ටියක් මිලදී ගෙන ඇත්තේ නාරාහේන්පිට පිහිටි වෙළද සැලකින් බවද හෙළිවී ඇත.

මෙම බෝම්බය ඔහු විසින්ම අටවා පුපුරා නොගිය පසු රෝහල් ආරක්ෂක අංශයට ඔහු විසින්ම දැනුම් දී ඇතැයිද පොලීස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

බෝම්බය අටවා ඒ ගැන තොරතුර ලබාදී ප්‍රසිද්ධියක් සහ ගෞරවයක් ලබා ගැනීමත් විශාල ත්‍යාග මුදලක් හිමිකර ගැනීමත් සිය අරමුණ වූ බවද ඔහු පවසා ඇත.

බෝම්බය තමාට හමුවූයේ රෝහලේ ඉදිකිරීම් බිමක සේවකයින් රැදී සිටින කාමරයකින් බවද ඔහු පවසා තිබේ.

එසේ සේවක කාමරයක බෝම්බය තිබුණි නම් ඒ බව රෝහල් ආරක්ෂක අංශවලට දැනුම් දී ඔහුගේ අරමුණ ඉටුකර ගැනීමට හැකියාවක් තිබුණු බවත් වැසිිකිලියේ බෝම්බය ඇටවීමෙන් පෙනී යන්නේ වෙනත් අරමුණකින් ඔහු කටයුතු කර තිබීම යැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

සිංහල භාෂාව පවා හරිහැටි තවමත් කථා කිරීමට නොහැකි මෙම පුද්ගලයා සති දෙකකට පෙර ඇදිරිනීතිය පැවතියදී ත්‍රිකුණාමලයේ සිට පැමිණ ඇති බවත් ඒ එන අතරතුර බෝම්බය රැගෙන ආවේදැයි සැකයක් මතුවන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්