වැලි, පස්, බොරළු හා ගල් ඇතුළු ඛනිජ සම්පත් ප්‍රවාහන බලපත්‍ර නීතිය සංශෝධනය කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය පියවර ගෙන ඇත. නව සංශෝධන මේ වනවිට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවට තොරතුරු වාර්තාවේ..
මේ අතර අනවසරයෙන් සිදුවන වැලි කැනීම් මැඩලීම සඳහා වහාම ක්‍රියාත්මක වන්නැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සියලු අංශවලට දැනුම් දී ඇත. එවැනි අනවසර වැලි කැනීම් නතර කිරීම සඳහා ඔවුන්ගේ තොරතුරු තම කාර්යාංශයට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙනලෙසද භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිවේදනය කර සිටී.