වැවිලි බෝග අපනයනය ආදායම ඉහළට

Picture of අසංක

අසංක

(දම්පත් රණසිංහ)

මෙම වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ තේ, රබර්, පොල්, කුරුඳු හා ගම්මිරිස් වැවිලි බෝග 05 අපනයනය මගින් මෙරටට ලැබී ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 1118.06ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වර්ෂයේ(2023) ජනවාරි මස සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙම වැවිලි බෝගවලින් උපයන ලද අපනයන ආදායම ඩොලර් මිලියන 884.6කි.

ඒ අනුව පසුගිය වර්ෂයේ පළමු මාස හතර තුළ අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 234ක ආදායමක් මෙම වර්ෂයේ පළමු මාස හතර තුළ දී ඉපැයීමට හැකි වී තිබේ.