පැතුම් වික්‍රමරත්න
අධික වර්ෂාවත් සමග ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් ඉහළ ගොස් ඇති බැවින් හෙට දින සිට දිවයිනේ දිස්ත්‍රික්ක 22ක් කේන්ද්‍ර කර ගනිමින් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
එම වැඩසටහන යටතේ , ඩෙංගු මදුරුවන් බෝවීමට හැකි පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටද ජාතික ඩෙංගු මර්ධන ඒකකය සැලසුම කර ඇත.
පසුගිය සති කිහිපයේ ඩෙංගු රෝගීන් 8,000 කට අධික පිරිසක් වාර්තා වී ඇති බවත් මෙම වසර තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 60,000 කට අධික බවත් එම ඒකකය පවසයි