නවතම පුවත්

වැස්සෙන් පස්සේ විකට් එක වෙනස් උනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකාව හා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වැස්සෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග පවසයි.

තෙවැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග මේ බව සඳහන් කළේය.

“පන්දු යවන්නන්ගෙන් අපි බලාපොරොත්තු වුණ එක ළඟ කඩුලු දෙකක් දවා ගැනීම අපිට කරන්න නොහැකි වුණා. පසුගිය තරග දෙක තුළත් අපිට ඒ හැකියාව ලැබුණේ නෑ. වේග පන්දු යවන්නට කඩුල්ලක් ලැබෙන තැනට පීඩනයක් දෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ.

මේ කාලයේදි හැම තරගයක්ම ලකුණු 280ක් 300ක් ලබාගන්නවා. 300ක් 310ක් කියන්නේ හඹා යන්න පුළුවන් ඉලක්කමක්. අවාසනාවකට තරගයේ අවසන් භාගයේදි උඩ පන්දු දෙකක් ගිලිහී ගියා. එයින් ඔවුන් ලකුණු 20 ක් 25ක් ලබාගත්තා.

අපි කතා කළේ හොඳ සබඳතාවක් ගොඩ නගන්නයි. අපේ කඩුලු දෙකක් බිඳ වැටුණත් ඕෂධයි කුසලුයි හොඳ සබඳතාවක් ගොඩ නගමින් සිටියේ. වැස්සෙන් පස්සේ අපිට ලැබුණ ඉලක්කයත් එක්ක අපිට විකට් එක විස්කරලා ගහන්න වෙනවා.

ඒ දෙන්නා ඒ අවස්ථාව ගත්තා. අපි තේරුම් ගත්තා ඒ විකට්ටුවේ අපිට ඒ ලකුණු ප්‍රමාණය හඹා යන්න බැරි බව.”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි