නවතම පුවත්

වැස්ස නිසා පවුල් 44,000 ක් අදුරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ (15) පස්වරුවේ සිට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වු වර්ෂාව හා සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගස් කඩා වැටීම නිසා  විදුලි බල රැහැන් පද්ධතියට සිදු වු හානි හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ ගණනාවක පවුල් 44,000ක් පමණ විදුලිය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ.

මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව බණ්ඩාරවෙල පවුල් 5,600ක් , රත්නපුර පවුල් 3,000ක් , මාතර- හක්මණ  පවුල් 5,800ක් , ගම්පහ පවුල් 13,000ක්  , නුවර එළිය පවුල් 7,80කට ආසන්න ප්‍රමාණයක්, අනුරාධපුර පවුල් 12,000ක් , හා ත්‍රිකුණාමලය පවුල් 42,00කට ආසන්න ප්‍රමාණයක් වශයෙන් පවුල් 44,000කට ආසන්න පිරිසක් විදුලිබලය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ.

නුවරඑළිය පවුල් 7,80ට විදුලිය සැපයීම හෙට දින දක්වා කල් යනු ඇත. එයට හේතුව මෙගවොට් 33,000ක අධි විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියකට හානි වී ඇති බැවින් එම කටයුතු ප්‍රතිසංස්කරණය කිරිමට වැඩි කාලයක් ගත වන නිසාය. එහෙත් දිවයිනේ හානියට පත්ව ඇති සෙසු ප්‍රදේශවලට විදුලිය සැපයිම පැය විසිහතරක් තුල ලබා දි ජනජීවිතය යථා තත්ත්වයට පත්කරන්නැයි විදුලි බල බලශක්ති හා ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට අද දින (16) පෙරවරුවේ උපදෙස් ලබාදී ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිටත් අදාල ප්‍රදේශවලට විදුලිය ලබා දිම සඳහා අලුත්වැඩියා කිරීම් මේ වනවිටත් ආරම්භ කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්