වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට දේශපාලන පළි ගැනීම් පිළිබදව කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබන 03 වෙනිදා පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.
යාපනයේදී සමූහ දූෂණයකට ලක්ව ඝාතනයට ලක්වුණු විද්‍යා දැරිවියගේ ඝාතනයේ සැකකරුවෙක් වන ස්විස් කුමාර නැමැත්තාට පළායාමට ඉඩ සැලසූබවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්ව වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් දේශපාලන පළිගැනීම් කොමිසම හමුවේ කර ඇති පැමිණිල්ලකට අනුව වැඩ බලන පොලිස්පතිවරයාව කැදවා තිබෙන බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.