නවතම පුවත්

වික්ටෝරියා ජලාශය අවට සිදු වන සුළු භූ කම්පන පිළිබඳව පුළුල් විමර්ශනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වික්ටෝරියා ජලාශය අවට විටින් විට සිදු වන සුළු භූ කම්පන පිළිබඳව පුළුල් විමර්ශනයක් සඳහා භූ කම්පන තත්ව පිළිබඳව විද්වත් කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය කාලපරිච්ඡේදය තුල වික්ටෝරියා ජලාශය අවට වරින් වර වාර්තා වු භු කම්පන කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු විය. ඒ අනුව අවස්ථා කිහිපයක දී භූ කම්පන විද්‍යාඥයින් සහ භු විද්‍යඥයින් යොදා ගනිමින් පර්යේෂණ කළ අතර ඊට අදාළ වාර්තා කිහිපයක් ද සකස් කරනු ලැබිය.

නමුත් මෙම භූ කම්පන පිළිබඳවත්, ඉදිරියේ දී බලපෑමක් ඇති විය හැකි මට්ටමින් භූ කම්පනයක් සිදු වුවහොත් සිදු විය හැකි හානි අවම කිරීම හා දැනට සිදු වන සුළු භූ කම්පන තත්වයන් ඇති වීමට හේතු වන කරුණු සොයා බැලීම සඳහා පුළුල් විද්වත් කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව ලේකම්වරයා විසින් පහත දැක්වෙන පරිදි එම විද්වත් කමිටුව පත් කළ බවයි අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

1. ඉංජි. අනුර වල්පොල මහතා මෙම කමිටුවේ සභාපතිත්වයට පත් කර ඇත. (වර්තමාන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති)
2. මහාචාර්ය අතුල සේනාරත්න මහතා- පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
3. මේජර් ජෙනරල් එස්. රණසිංහ මහතා- අධ්‍යක්ෂ ජනරාල්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය.
4. ඉංජි.වසන්ත ඉහළපිටිය මහතා- වික්ටෝරියා ජලාශ ව්‍යාපෘතිය භාර ඉංජිනේරු.
5. මහාචාර්ය ජගත් ගුණතිලක මහතා- පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
6. මහාචාර්ය ලේ.ආර්.කේ.පෙරේරා මහතා- පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
7. ආචාර්ය ඕ.කේ.දිසානායක මහතා- මොරටුව විශ්වවිද්‍යාලය.
8. නලින් ද සිල්වා මහතා- භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය.
9. ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා- ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය.
10. නිල්මිණි තල්දෙන මහත්මිය- භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය.
11. මහින්ද සෙනෙවිරත්න මහතා- භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්