උතුරු පළාතේ හිටපු මහ ඇමති සී. විග්නේශ්වරන් මහතගේ නායකත්වයෙන් යුත් දෙමල මහජන කවුන්සිලය එළඹෙන සැප්තැම්බර් 16 දින යාපනය නගරයේ දැවැන්ත දේශපාලන රැළියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
දෙමළ මහජන කවුන්සිලයට සහාය දෙන සියලුම පක්ෂ , සංවිධාන හා දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් මෙම රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද වාර්තාවේ .
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳන ලෙස රජයට බල කිරීම මෙම රැලියේ අරමුණ වන බව විග්නේශ්වරන් මහතා ඊයේ පස්වරුවේ නල්ලුර් කෝවිල අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය