විජමුටත් කොවිඩ්

Picture of අසංක

අසංක

හිටපු කථානායකවරයෙකු වන වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර් පරික්ෂණයකදී තහවුරු වී තිබේ.

ඒ අනුව මේ වනවිට ඒ මහතා ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

පසුගියදා ඒ මහතාගේ නිවසේ දානමය පිංකමක් පවත්වා ඇත.

ඉන් අනතුරුව ඔහු සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී මේ බව හෙළිවී තිබේ.