විද්‍යා දැරිය ඝාතනයේ සැකකරුවකුගේ යතුරුපැදියක් රහස් පොලිස් නිලධාරීන් භාවිත කරලා

Picture of අසංක

අසංක

යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ සැකකරුවකු සතු යතුරු පැදියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෞද්ගලික පරිහරණයට භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම යතුරු පැදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාවිත කර ඇත්තේ අංක තහඩු ද වෙනස් කිරීමෙන් පසුවයි.

අදාල යතුරු පැදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාල භූමියේ තිබී සොයා ගෙන තිබේ.

මේ පිළිබඳ තොරතුරු සෙවීමේ දී අනාවරණය වූ කරුණු මත වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් පොත්වල සටහන් කිරීමකින් තොරව මෙම යතුරු පැදිය නීති විරෝධී ලෙස අදාළ නිලධාරින් විසින් භාවිතයට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ අනුදැනුම යටතේ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.