නවතම පුවත්

හමුදාපතිට ඇමෙරිකාව කළ කෙනෙහිලිකම් ගැන රජයේ ප්‍රතිචාරය දැනුම් දෙන්න තානාපතිනිය කැඳවයි

අසංක

අසංක

මෙරට අමෙරිකානු තානාපති එලේනා බී. ටෙප්ලිප්ස් මහත්මිය අද පෙරවරුවේ විදේශ සබඳතා අමාත්‍යාංශයට කැඳවා ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාව පැන වූ වීසා තහනම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය දැනුම්දීම සඳහා මෙසේ ඇමෙරිකානු තානාපතිවරිය කැඳවා ඇත.


ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ නීතියට පිටින් සිදු වූ බව කියන මනුෂ්‍ය ඝාතන මුල්කර ගනිමින් ශවේන්ද්‍ර සිල්වා මහතා අමෙරිකාවට ඇතුළුවීමට නුසුදුසු අයෙකු ලෙස නම් කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

කෙසේ වෙතත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා රජය අවධාරණය කර සිටි.

විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටියේ, තහවුරු නොකරන ලද මූලාශ්‍ර මත පදනම්ව ගන්නා ලද මෙම තීරණය යළි සමාලෝචනය කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්