මෙරට සියලු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ සඳහා අධ්‍යාපන ක්ෂේත්රයේ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් මූලික පියවර ගැනීමට නියමිතය.
අද පැවති කැබිනට්තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරු මේ බව කියා සිටියහ.
මෙමගින් ඩිප්ලෝමා ලබාදෙන ක්‍රමවේදය වෙනස් කර සියලූම ගුරුවරු උපාධිධාරින් බවට පත් කරන ක්‍රමවේදයක් ඇති කිරීම රජයේ අරමුණයි.