පැතුම් වික්‍රමරත්න
පවතින විදුලි අර්බුදය අවම කර ගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීමකට යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇත.
මේ වන විට මෙරට දෛනික විදුලිය ඉල්ලුම ගිගාවොටි පැය 47 දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙසේ ඉල්ලුම ඉහළ යෑමට, අධික උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම බලපා ඇති බවත් විදුලිබල මණ්ඩලය පවසයි.
මේ හේතුවෙන් සාමාන්‍ය දිනවලට වඩා ගිගාවොට් පැය 4ක පමණ අමතර විදුලි ඉල්ලුමක් මේ දිනවල පවතින බවද මණ්ඩලය සඳහන් කර සිටී.
මේ වන විට ජල විදුලි නිෂ්පාදනය ගිගාවොටි පැය 5කට පමණ සීමා වී ඇති අතර තාප විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 38 දක්වා ඉහළ ගොස් තිබේ.