උමංග බණ්ඩාර
දිනපතා මේ දිනවල විදුලි ඇතුළුව රට තුළ පවතින විදුලි අර්බූදය හැකි ඉක්මනින් විසදුම් සෙවීම සදහා ඊයේ (26) කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර තිබේ.
අමාත්‍ය කබීර් හෂීම්, රවි කරුණානායක, එරාන් වික්‍රමරත්න සහ හර්ෂද සිල්වා මහත්වරුන් මෙම කමිටුවට පත් කර ඇත.
පවතින විදුලි අර්බුදයට ඉතා ඉක්මණින් විසදුම් ලබා දෙන ලෙසටද ඒ පිළිබඳ සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී ඇති අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රුස්විම ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.