නවතම පුවත්

“විදුලි කාර්”වලට රජයෙන් වැඩි අවධානයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වාහන ආනයනයෙදි  ඉලෙක්ට්‍රික් වාහන සඳහා වැඩි සැලකිල්ලක් දැක්වීමට රජය ඉදිරියේදී කටයුතු කරන  බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර සිටී .

ඔහු මේ බව පැවසුවේ අද (05) දින පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වදිසුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය
“අද ලෝකයේ බොහෝ රටවල් ඉලෙක්ට්‍රික් වාහන පිළිබඳව වැඩි සැලකිල්ලක් යොදවලා තියෙනවා. මං හිතන්නේ අපේ රටේත් එවැනි දෙයක් සිදුවිය යුතුයි. අපි යම් දිනයක වාහන ආනයනය කිරීමට අවසර දෙන විට අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙන බව මතක් කර දෙන්නට කැමතියි. අපේ රට තුළ යම් ආකාරයකට වාහන නිෂ්පාදනය කිරීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම රට තුළ අගය එකතු කිරීමත් අපිට ඉතාමත් හොඳින් කළ හැති අවකාශයකුත් තිබෙනවා. විශේෂයෙන්ම ටයර්, සීට්, ඒ වගේ දේවල් අපේ රටේ කරන්න පුළුවන්. ඒ ගැනත් අපි සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ සියලුම අංශයන් ඔස්සේ කොවිඩ් වසංගතය නිසා එක් හොඳක් ලෙස අපේ රටේ ව්‍යාපාරිකයන් බොහොම උනන්දුවකින් කටයුතු කරනවා කියන්න පුළුවන්. ඒ නිසා ඒ හරහා අපිට මෙවැනි කර්මාන්ත දියත් කරන්න හැකිවෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රජයේ දැඩි අවධානය යොමුකරනවා”.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්