නවතම පුවත්

විදුලි බලේ අනවසර වැඩක් නිසා බිලියන 20ක පාඩුවක්!

අසංක

අසංක

ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය මේ වනව්ට කටයුතු යොදමින් සිටින බවත් එය කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත් එම කොමිසම විසින් කැබිනට් අනුමත ප‍්‍රසම්පාදන කමිටුව වෙත දැනුම්දී ඇත.

2019 ජනවාරි 21 වනදා පුවත්පත් දැන්වීමක් පළකරමින් මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකිරීම සදහා විදුලි බල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැදවා ඇති බවත් එය 2009 අංක 20 දරණ විදුලිබල පණත සහ 2016 අංක 02 දරණ ප‍්‍රසම්පාදන පනත උල්ලංඝණය කිරීමක් වන බවත් කොමිසම මෙහිදී දන්වා ඇත.

මෙගාවොට් 100ක විදුලිබලයක් පෞද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම සදහා යොමු වුවහොත් විදුලිය බල මණ්ඩලයට වසරක් තුලදී දැරීමට සිදුවන අතිරේඛ වැයබර රුපියල් බිලියන 20ක් වනු ඇති බව බලශක්ති විශේෂඥයෝ පෙන්වාදේ.

මේ වසරේදී විදුලිය බල මණ්ඩලය රුපියල් බිලියන 80ක අලාභයක් ලබනු ඇතැයි ගණනය කර ඇති අතර උක්ත හදිසි විදුලිය මිලදී ගැනීම සදහා යොමු වුවහොත් එම පාඩුව රුපියල් බිලියන 100ක් දක්වා වැඩිවනු ඇතැයිද බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති.

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්