ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2018 වසරේ පවත්වන ලද කළමනාකරණ සහකාර විභාගයෙන් සමත්වූවන්ට එම පත්වීම් ලබා නොදී වෙනත් කණ්ඩායමක් කැඳවා එම පත්වීම් ලබාදීමට අමාත්‍ය රවී කරුණානායක මහතා පියවර ගෙන ඇතැයි , අදාළ විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයින් චෝදනා කර සිටී .
ඒ අනුව 2018 වසරේ කළමනාකරණ විභාගයෙන් සමත්වූ පිරිස , තමන්ට සිදුවූ අසාධාරණය සම්භන්ධව අභියාචනාධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කර ඇත.
දැනට පත්වීම් ලබාදී ඇති පිරිසගේ පත්වීම් බලරහිත කරන ලෙසට රීට් ආඥාවක් නිකුත් කරන ලෙසටද මෙම පිරිස අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.