ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් මෙසේ මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති බවට වාර්තාවේ. මාස 6 ක කාලයක් සඳහා එම මිලදී ගැනීම සිදු කරන බවද මණ්ඩලය සඳහන් කර සිටී . ඊට අදාළ යෝජනාව මෙවනවිටද කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇත.