විදුලි බිල ගැන ඕනෙදෙයක් ෆෝන් එකෙන් දැනගන්න ඇප් එකක්

Picture of අසංක

අසංක

විදුලි පාරිභෝගිකයන්ගේ පහසුවට CEB Care නමින් ජංගම දුරකතන ඇප් සඳහා එකක් හඳුන්වා දී තිබේ.

මෙම නව දුරකතන ඇප් එක මගින් විදුලි බිඳවැටීම් දැනුම් දීමට, තම විදුලි බිල්පතෙහි හිඟ මුදල් පිළිබඳ පරීක්ෂා කිරීම ආදි සේවා රුසක් පහසුවෙන් ඉටු කරගත හැකිය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී විදුලිබල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින පැවැති උත්සවයේදී මෙම නව මෘදුකාංගය හඳුන්වා දී තිබේ.